ජුනි මාසයට ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

ඒ අනුව මැයි මාසයේ තිබුණු ඉන්ධන මිල ම ජුනි මාසයේ ද ක්‍රියාත්මක වනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.

ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.

එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක් වනවා.