ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

ඇද හැළෙන අධික වැසි හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇතැයි වාර්තා වෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බවය.

මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් දැනුම් දෙනවා.