72 වන ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට තායිලන්තය නියෝජනය කරමින් තරඟ කළ Opal Suchata Chuangsri මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
පසුව එම තරඟකාරියන්ගෙන් මහද්වීප වශයෙන් අවසානයේ හතරදෙනෙක් තෝරා ගැනුණු අතර ඒ අතරින් ලෝක රූ රැජින තෝරා ගනු ලැබුවා.
71වන ලෝක රූ රැජින වුණු චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් 72වන රූ රැජිනට කිරුළු පළඳවනු ලැබුවා.


