පළාත් පාලන ආයතන කිහිපයක සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට

පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. 

ගැටලු සහිත පාලන ආයතන 178 ක පමණ සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මීලඟ අදියරේදී සිදු කරන බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

පළාත් පාළන ආයතනවල නිල කාලය ලබන මස 02 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.