ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය හිමි රට බවට පත්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.  

ඒ 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලීමට සමත් වෙමිනුයි.

මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමින් ඉන්දියාව හත්වන ස්ථානය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකාව වන අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිවන්නේ චීනය සහ ජර්මනියට වනවා.

‘Viksit Rajya for Viksit Bharat 2047’ යන මැයෙන් පැවති 10 වන NITI Aayog පාලක මණ්ඩල රැස්වීමේ මාධ්‍ය හමුවක් අමතමින් සුබ්‍රමනියම් ප්‍රකාශ කළේ පවතින සැලසුම් වලට අනුව කටයුතු කලහොත් ඉදිරි වසර දෙක තුන ඇතුළත තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාවට හැකි වනු ඇති බවයි.

එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.