මැයි මුල් දින 21ට සංචාරකයන් 91,785ක් දිවයිනට

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට සංචාරකයින් 91,785 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසනවා.

එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ ගොස් තිබෙනවා.