මැයි මුල් දින 18ට සංචාරකයන් 80,421 ක් දිවයිනට

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මැයි මාසයේ මුල් දින 18 තුළ සංචාරකයින් 80,421 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව මේ දක්වා වසරේ මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 977,305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 184,095 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම දෙවෙනියට වැඩිම සංචාරකයන් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එය 109,675 ක් වනවා.

ඊට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 92,539 ක්, ජර්මනියෙන් 67,019 ක් සහ ප්‍රංශයෙන් 55,220 ක් පැමිණ තිබෙනවා.