ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.
ඒ අනුව හෙට උදේ 8ට වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.
මෙම වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බවයි රවී කුමුදේශ් මහතා කියා සිටියේ.
අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා නොදුන් බවත්, ඔවුන් මේ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුනොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදුවු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

