ට්‍රම්ප් විසින් Golden Dome ආරක්ෂක සැලැස්ම එළිදක්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ‘ගෝල්ඩන් ඩෝම්’ (Golden Dome) නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබෙනවා.

මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන් කර තිබුණ ද ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් බිලියන 175ක් පමණ වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දි ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුවක් අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සැලැස්ම වසර තුනකින් පමණ ක්‍රියාත්මක වනු ඇත.

දැනට අභ්‍යවකාශ බලකායේ අභ්‍යවකාශ මෙහෙයුම් උප ප්‍රධානියා ලෙස කටයුතු කරන අභ්‍යවකාශ බලකායේ ජෙනරාල් මයිකල් ගුට්ලයින් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබනවා.

තම රට ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා‍ ලොව ඕනෑම ස්ථානයක සිට දියත් කෙරෙන මිසයිල වලට ප්‍රහාර එල්ල කිරීමට මෙම පද්ධතිය හරහා හැකියාව පවතින බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ.

එසේම මෙම පද්ධතිය ගොඩබිම, මුහුද සහ අභ්‍යවකාශය හරහා අභ්‍යවකාශ පාදක සංවේදක සහ අන්තර්ග්‍රහක ඇතුළුව “ඊළඟ පරම්පරාවේ” තාක්ෂණයන්ගෙන් සමන්විත වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ට්‍රම්ප් විසින් කැනඩාවට මෙම පද්ධතියේ කොටසක් වන ලෙස නැවත වතාවක් මෙහි දී ආරාධනයක් කරනු ලැබුවා.

මෙම පද්ධතිය අර්ධ වශයෙන් ඊශ්‍රායලයේ යකඩ ගෝලාකාරයෙන් ආභාෂය ලබා ඇති අතර, 2011 සිට එම රට රොකට් සහ මිසයිල වලට බාධා කිරීමට භාවිතා කර තිබෙනවා.