රජයේ රෝහල් රැසක දැඩි ඖෂධ හිඟයක්

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවය.

මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,

“ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා.”