ග්‍රීසියට රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්

ග්‍රීසියේ – ෆ්‍රයි ප්‍රදේශයට එරට දේශීය වේලාවෙන් සවස 6:51 ට පමණ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පනය පොලෝ මට්ටමේ සිට කිලෝමීටර 78ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මධ්‍යධරණී මුහුදේ, ක්‍රීට් සහ තුර්කි වෙරළ තීරය අතර පිහිටා තිබෙනවා

එමෙන්ම මෙහි කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා ද දැනී තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්.

එසේම ජෙරුසලමේ සහ මධ්‍යම ඊශ්‍රායලයේ ද භූමිකම්පාව දැනී තිබෙනවා.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.