රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එසේම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 73,000ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.