ඇමරිකාව සහ සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞදි අරාබි සංචාරයේ පළමු දිනයේ දීම දෙරට අතර ඩොලර් බිලියන 142 (පවුම් බිලියන 107) ක අවි ගනුදෙනුවක් ඇති කර ගෙන තිබෙනවා.

එසේම සෞදි අරාබිය තරම් ශක්තිමත් සහකරුවෙකු‍ සිය රටට නොමැති බවයි සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් හමුවීමෙන් අනතුරුව ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එසේම ඩොලර් ට්‍රිලියන 1 ක් වටිනා විය හැකි වෙනත් ආයෝජන ද සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ද මෙහි දී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා.