දුම්රිය 23 ක් අවලංගු කරයි

ගත වූ දින කිහිපයේ දී දුම්රිය 23 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

රියදුරන් නොමැති වීම හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ප්‍රධාන මාර්ගයේ, කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය අවලංගු වීම් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, අද සිට (14) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.