යුක්රේනය අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියාව සඳහන් කරනවා.
මේ හේතුවෙන් අගනුවර ප්‍රධාන ගුවන්තොටුපළ හතරම ආරක්ෂාව සහතික කිරීම සඳහා පැය කිහිපයක් වසා දැමූ නමුත් පසුව නැවත විවෘත කළ බව රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනයක් වන රොසාවියැට්සියා ටෙලිග්‍රෑම් වාර්තා කරනවා.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ අවම වශයෙන් යුක්රේන ඩ්‍රෝන යානා 19 ක් නගරයට ළඟා වීමට පෙර විනාශ කර ඇති බවයි.
එයින් සුන්බුන් කිහිපයක් නගරයට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයකට වැටී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ඔහු පැවසුවා.
යුක්රේනය තවමත් ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දක්වා නැහැ.
මේ අතර රුසියාව විසින් ද යුක්රේනයේ නගර කිහිපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙනවා.
මෙම ප්‍රහාර වලින් එක් අයෙකු මිය ගිය බව යුක්රේනයේ ඔඩේසා කලාපයේ ආණ්ඩුකාර ඔලේ කිපර් පැවසුවා.

