තද වැසි සහ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (21) රාත්‍රී 11 දක්වා අදාළ නිවේදනය වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.