ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි වතිකානුව නිවේදනය කරනවා.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී වනවා.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

2013 මාර්තු මාසයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම ධුරයට පත් වූ අතර ලොව පුරා සිටින බිලියන 1.3 ක රෝමානු කතෝලිකයන්ගේ අධ්‍යාත්මික නායකයා ඔහු වනවා.

1936 දී ආර්ජන්ටිනාවෙන් ඉතාලි සංක්‍රමණිකයින්ට දාව ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබූ ඔහු කතෝලික පල්ලියට නායකත්වය දුන් පළමු ලතින් ඇමරිකානු පුරවැසියා ද වනවා.