සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දළඳා ප්‍රදර්ශනය පෙරවරු 11 සිට සවස 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බවයි ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරන්නේ.
අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන සිරි දළදා වන්දනාවේ සිව්වැනි දිනය අදයි.


