ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එසේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“රටක් ඉදිරියට යද්දි වැදගත්ම දේ ආර්ථික ස්ථාවරත්වය හදන්න ඕනා. එත් අපිට තිබුණේ අස්ථාවර ආර්ථිකයක්. ආර්ථිකය පිළිබඳව විශාල සැකයක් තිබුණා. ඒත් අපේ පාලන කාලය තුළ ක්‍රමානුකූලව සකස් වෙලා තියෙනවා රටේ ආර්ථිකය යළි ස්ථාවර කරන්න. මේ සිංහල හා දෙමළ අවුරුද්ද තමයි ලංකාවේ ජනතාව එක් රැස් වෙලා ප්‍රබෝදයෙන් සමරපු අවුරුද්ද. ඒක අපිට පේනවා ක්‍රමානුකූලව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙනවා.”

