සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් තවත් අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක වනු ඇත.
සෑම දිනකම පස්වරු 07.55ට මහනුවර දක්වා දුම්රියක් කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වන අතර රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්වන එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමටද නියමිත ව තිබේ.
එමෙන්ම මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට දුම්රියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09.50ට ළඟා වීමට නියමිත අතර රඹුක්කනින් පස්වරු 10.35ට යළි කොළඹ බලා පිටත් වීමටද නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිතය.

