හෙටත් සැලකිය යුතු මට්ටමක උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ,සහ නැගෙනහිර පළාත් මෙන්ම, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වනවා.