හෙටත් අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදානය කරනවා.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම්  ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුදු ප්‍රදේශයේ ඉදිරි දින 03 තුළ මුහුද රළු වීම සහ තද සුළං ඇතිවීමේ අවධානම පවතින බව ද සඳහන්ය.

එම මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.