ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට ඊශ්රායලයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ ඊශ්රායලයේ සංවිධානය කර ඇති සිංහල අවුරුදු උත්සව වල දී ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙසය.
අද (18) උදෑසන යෙමනයේ හවුති ත්රස්ත සංවිධානය විසින් ඊශ්රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්රීය කිරීමට ඊශ්රායල ආරක්ෂක හමුදාව සමත්වූ බැවින් යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්රායලය ඉලක්ක කර මිසයිල ප්රහාර එල්ල කළ හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
ඒ අනුව හෙට (19) සිට 26 වැනිදා දක්වා එරට ප්රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිද ඉසව් සංවිධානය කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ශ්රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.

