2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, ඉදිරි කාලසීමාව තුළ මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටයි නියමිතව ඇත්තේ.
එම නව පනත සම්මත වුවහොත් දැනට ක්‍රියාත්මක 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු වන බව අප්‍රේල් මස 04 වනදා දිනයෙන් රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසි ද අහෝසි වනු ඇති.
අදාළ ගැසට් නිවේදනය මෙතනින්

