බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව අද සිට (18) උදා වනු ලැබුවා.
සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක්වූ අතර දළදා වන්දනාවේ පළමු දිනය වූ අද 60,000ක පමණ සැදැහැවතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගනු ලැබුවා.
විදෙස් තානාපතිවරුන්ව කොළඹ සිට මහනුවර දක්වා විශේෂ දුම්රියක් මඟින් ඇවිත් ශ්රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගනු ලැබුවා.
‘සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය වෙනුවෙන් ප්රථමයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරු දළදා මාලිගය වෙත වැඩම කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම සිදුවුයේ ඉන් අනතුරුවය.
ඉන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් සිරි දළදා වන්දනාවකදි සිදු කරන විශේෂ ආගමික වතාවත් ඉටුකෙරුණි.
එහිදි සිරි දළදා වන්දනාවෙහි සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා දළදා වහන්සේ වෙත ප්රථම පුෂ්පෝපහාරය සිදුකරනු ලැබුවා.
ආගමික වතාවත්වලින් පසු දහවල් 12.30ට පමණ ”සිරි දළදා වන්දනාව” ඇරඹුණු අතර පස්වරු 5.30ට එය අවසන් කරනු ලැබුවා.
දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවතුන් මහා පිරිසක් මේ වන විට දිගු පෝලිම් වල රැඳී සිටින්නේ හෙට දිනයේ හෝ දළඳා වහන්සේ දැක බලා ගැනීමේ අරමුණින් යුතුවයි.




