රිය ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක්

උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මාර්ග නීතිරීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

එසේම, බීමතින් රිය පැදවීමෙන් වලකින ලෙසටද පොලිස් මූලස්ථානය රියදුරන්ට උපදෙස් ලබා දෙනවා.

මේ අතර අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 35,000 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.