පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඒ සම්බන්ධව ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය.
ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකුද අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගෙන් එකඟතාවෙන් යුත් වෘත්තිකයෙකුද පත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම මෙම කමිටුව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අනිවාර්ය සාමාජිකයෙකු ලෙස පත් කළ යුතුව ඇත.
ඒ අනුව මෙම කමිටුව ස්ථාපිත කළ වහාම එම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 08 වැනිදා ඡන්ද 151කින් සම්මත වනු ලැබුවා.

