අධිවේගයේ ආදායම කෝටි 10 ඉක්මවයි

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබෙනවා

අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්  ආර්. ඒ.ඩි කහටපිටිය මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 11 සහ 12 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවය. 

ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්ත අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී තිබෙනවා

අ‍ප්‍රේල් 11 වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541 ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450ක් වනවා.

ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බව සඳහන්ය.