උසස් පෙළ ප්‍රතිඵල ගැන දැනුම් දීමක්

2024 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර පවසනවා.

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වා පැවැත්වුනා.

එහිදී විභාග අපේක්ෂකයන් 3,33,185 දෙනකු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, පාසල් අයදුම්කරුවෝ 2,53 390ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 79,795ක් ඊට ඇතුළත් වූහ.

රට පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී විභාගය පැවැත්වුණා.