අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන්, පරිගණක තවත් සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ තීරුබදු වලින් නිදහස් කිරිමට තීරණය කර තිබෙනවා.
මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
කෙසේවෙතත් මෙම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තවමත් ෆෙන්ටැනයිල් සම්බන්ධයෙන් චීනයට 20% ක තීරුබදු වලට යටත් වන බවයි ධවල මන්දිරයේ ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර් X හි ප්‍රකාශ කළේ.
නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබූ බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

