දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළදී මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
එසේම, අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
ඊට අදාළ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවරදී පවත්වා තිබෙනවා.
සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

