ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු සහ තද වැසි අපේක්ෂා කළ හැකි වනවා.

එමෙන්ම, වැසි සමග ප්‍රබල අකුණු අනතුරු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ