ජජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු මිය යන විට 38 වැනි වියේ පසු වුණා.