විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීම ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන බවට පල වන පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් එතුමා සංචාරය කරන ප්‍රදේශ තුල සිටින විදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් මේ වන විට සංසරණය වෙමින් පවතින තොරතුරු අසත්‍ය බවයි

එසේම වැඩබලන පොලිස්පතිතුමා හෝ පොලිස් මුලස්ථානය විසින් එලෙස විදී සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී නොමැති බවද එහි සඳහන්.

කෙසේ වුවත් මෙම ප්‍රචාරයන්ට පාදක වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට වැඩබලන පොලිස්පතිතුමා විසින් තීරණය කර තිබෙනවා.

පොලිසිය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,