ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ලබන 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී. එස්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.
දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා මෙම විශේෂ ලංගම බස් සේවාව ක්‍රියාත්මක වනු ඇත.
දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේදී පෞද්ගලික වාහනවල යන පිරිස් දළදා මාළිගාව සමීපයට රැගෙන යාම සඳහා මහනුවර ස්ථාන 4ක සිට වටරවුම් බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා
දළඳා ප්‍රදර්ශනය ලබන 18 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වන අතර එදින පස්වරු 5.30 දක්වා එය පැවැත්වේ.
අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා දැක්ම පැවැත්වෙනු ඇති.

