මෙම වසර අවසන් වන විට තම මොළයේ චිපය (brain chip) පුද්ගලයින් 13 දෙනෙකුට බද්ධ කිරීමට අපේක්ෂා කරන බව චීනය සඳහන් කරනවා.
බීජිං පදනම් කරගත් චීන මොළ පර්යේෂණ ආයතනය (CIBR) සහ NeuCyber NeuroTech ආයතනය විසින් මේ සම්බන්ධව පරියේෂණ සිදු කරනු ලබනවා.
ඔවුන් විසින් Beinao No.1 ලෙස හඳුන්වන රැහැන් රහිත මොළයේ චිපයක් පසුගිය මාසයේදී රෝගීන් තිදෙනෙකුට ඇතුලත් කර ඇති අතර එහි දී සාර්ථක ලෙස ප්‍රතිඵල ලබා දීමට එම චිපය සමත් වී තිබෙනවා.
එහි දී අංශබාගය සහිත රෝගීන් යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම චිපය සවි කිරීමෙන් පසු ඔවුන්ට ඔවුන්ගේ සිතුවිලි පරිගණක තිරයකට සම්ප්‍රේෂණය කරමින් type කිරීම වැනි ක්‍රියා සිදු කිරීමට හැකි වී තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් 10දෙනෙක්ට මෙම වසර තුළ දී මෙම චිපය ඇතුළත් කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
නියාමන අනුමැතිය ලැබීමෙන් පසු ලබන වසරේ අපි රෝගීන් 50 ක් පමණ ඇතුළත් වන විධිමත් සායනික අත්හදා බැලීම් කිරීමට ද ඔවුන් සැලසුම් කර තිබෙනවා.
Elon Musk ගේ Neuralink චිපය හා සසඳන විට මෙම චිපය ඔලුවට බාහිරින් සම්බන්ධ කළ හැකි වීම විශේෂත්වයක් වන නමුත් මෙහි Neuralink මීට වඩා ප්‍රබල සංඥයා (signal) නිකුත් කරන බවයි වාර්තා වෙන්නේ.

