දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කරනු ලැබුවා.
ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් විසින් පසුගිය දෙසැම්බර් තුන්වනදා හදිසි යුද නීතිය පැනවීමත් සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.
ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.
එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කරනු ලැබුවා.
තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසින් වනවා.
එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.
මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම ලැබී ඇති සාක්ෂි මත පදනම්ව ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සාධාරණීකරණය කිරීමට නොහැකි බවත් අධිකරණයේ තීරණය වුණි.

