මියන්මාරයේ ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා.
ඒවායේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.7 සහ 6.4 ක වන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) සඳහන් කළේ.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන තිබෙනවා.
පළමු කම්පනය එරට වේලාවෙන් සිකුරාදා දහවල් 12:50 ට පමණ සාගිං නගරයේ සිට කිලෝමීටර් 16 (සැතපුම් 10) ක් වයඹ දෙසින් කිලෝමීටර් 10 (සැතපුම් 6) ක් ගැඹුරට සිදු වූ බව USGS සඳහන් කරනවා.
එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙම භූ කම්පනය හේතුවෙන් බැංකොක්හි මෙට්‍රෝ සහ සැහැල්ලු දුම්රිය සේවා කිහිපයක් ද අත්හිටුවා ඇත.

