සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා නම් කර තිබෙනවා.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීමේ ගමන උදෙසා හනීෆා මහතාව ඉදිරිපත් කරන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජබය පවසා සිටියේ.
එසේම හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බව ද විපක්ෂනායකවරයා සඳහන් කරනවා.
හනීෆා මහතා මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධනපුර යන රෝහලහි සේවය කළ අයෙකු වන අතර, කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම ද සිදු කරනු ලබයි.
පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන හනීෆා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයෙකුද වේ.

