2023 මාතර, වැලිගම හෝටලක් අසළ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි තවත් 6 දෙනෙකු මේ වන විට මාතර මහේස්ත්රාත් අධිකරණයට භාර වී ඇතැයි වාර්තා වෙනවා.
2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඉන් එක් සැකකරුවෙකු මේ වන විට විදේශ ගත වී ඇති බව සදහන්.
මෙම සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ රාත්රියේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.
පෙරේදා අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පතිවරයා ඊයේ දිනය දක්වා රදවා තබනු ලැබුවේ අගුණුකොළපැළැස්ස බන්ධනාගාරයේයි.
පසුව ඊයේ ඔහු යළි මාතර මහේස්ත්රාත් අරුණ බුද්ධදාස හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.

