ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නවතම ඩිජිටල් ගෙවීම් ක්‍රම සම්බන්ධයෙන් සහ ජංගම දුරකථන භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් සිදු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහ බැංකුව විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහභාගීත්වයෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ නුවරඑළිය ග්‍රෙගරි ලේක් රථගාලේදී පැවැත්වෙනු ඇත.

එම අවස්ථාවට බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් සහ ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් එක්වනු ඇති බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මෙන්ම මහබැංකු ප්‍රකාශන ද මෙහිදී මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.