ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ යෙන් මිලියන 300ක් වටිනා අති නවීන ගිනි නිවන රථ 04ක් සහ උපකරණ කට්ටල 12ක් මෙරටට පිරිනමා තිබෙනවා.
ඒ කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහායි.
ඒ සදහා වන ගිවිසුම මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමතෝ සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඊයේ අත්සන් කර තිබෙනවා.

