ලංකාවේ මිලියන 2.2ක් වකුගඩු රෝගවලට ගොදුරු වෙලා

මෙරට ජනතාවගෙන් මිලියන 2.2ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

දියවැඩියාව ආශ්‍රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා සඳහන් කළේ.