සුප්‍රසිද්ධ ඇමෙරිකානු ගායන ශිල්පියෙකු වන Aloe Blacc දින තුනක සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද උදෑසන ඔහු මෙලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහි දී මාධ්‍ය වෙත අදහස් දැක් වූ බ්ලැක් මහතා, ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව බවත්, ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවත් ප්‍රකාශ කළා.
ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සාකච්ඡා කිරිම පැවැත්වීම සදහායි ඔහු මෙරටට පැමිණ ඇත්තේ.
එසේම ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු දේශීය ව්‍යවසායකයින්, කලාකරුවන් හමු වෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතාවන් වර්ධනය කර ගැනිමට ද අපේක්ෂා කරනවා.
ඇලෝයි බ්ලැක්, ඇමෙරිකාවේ “ ග්‍රැමී ” සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුල් ස්ථාන අතර සිටිනා සුප්‍රසිද්ධ ගායකයෙක් වනවා.

