කැනඩාවේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන Mark Carney තේරී පත්ව තිබෙනවා.
ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.
පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමිනුයි Mark Carney මෙම තනතුරට තේරී පත්ව ඇත්තේ.
ජයග්රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පලකර තිබුණි.
ඔහු පවසා ඇත්තේ “අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා,” “ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක.”
“අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත.” යනුවෙනි.
ඉදිරි දින වල දී Carney සිය ධුරයේ දිව්රුම් දීමට නියමිත අතර ඉදිරි සතිවලදී කැඳවනු ඇතැයි අපේක්ෂා කරන ඊළඟ මහ මැතිවරණයේදී ලිබරල් පක්ෂයට නායකත්වය ද ඔහු විසින් ලබා දෙනු ඇත.

