සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර  තැපෑලට

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර  තැපෑලට යොමු කර ඇති බව  විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර WWW.DONETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ සංශෝධනය සිදු කරන ගැනීම සඳහා පහසුකම සලසා තිබෙනවා.

සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147 ක් වනවා.