යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් යළි විවෘත කරයි

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ  සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බවයි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන  බලපෑම අවම කර ගැනීම සඳහා යාල වනෝද්‍යානය මාර්තු 01 දින සිට තාවකාලිකවා වසා දැමුවා.

වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමට හැකියාව ඇති මාර්ග තවදුරටත් සංචාරකයන්ට වසා තැබෙන ඇත.

කෙසේවෙතත් අද උදෑසන කාලයේ යාල ජාතික උද්‍යානයට ලැබෙන වර්ෂා පතනය අනුව මේ තත්ත්වයයේ යම් වෙනසක් සිදුවිය හැකි බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.