පාප් වහන්සේගේ තත්ත්වය ස්ථාවර වෙයි

පසුගිය දිනවල දී ඇති වුණු උග්‍ර ශ්වසන අපහසුතා වලට පසුව මේ වන විට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසනවා.

88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල් ගතව පසුවෙයි.

කෙසේවෙතත් උන්වහන්සේ තවමත් කෘත්‍රීම ස්වසන ආධාරයක් ඔක්සිජන් ලබා ගනිමින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

එසේම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් මිදී නොමැති බව ද වතිකානුව සඳහන් කරනවා.