ඊයේ ඔස්කාර් සම්මාන උළෙලෙන් පසු Hollywood ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
සම්මාන උළෙල පැවැත්වූ Dolby රඟහලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි උතුරු හොලිවුඩයේ භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා ඇති බවයි හඳුනා ගෙන ඇත්තේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පැවසුවේ භූමිකම්පාව ලොස් ඇන්ජලීස් හරහා සැතපුම් ගණනක් දුරට දැනුණු බවයි.
කෙසේවෙතත් කම්පනය හේතුවෙන් සිදු වූ ජිවිත හෝ දේපල හානි වාර්තා වී නොමැත.

