ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) 2025 ලෝක රාජ්‍ය සමුළුවට ඇමතීමට නියමිතව තිබෙනවා.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා පසුගිය ද ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගියා.
එහි දී ඊයේ දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කර තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ද පවත්වා තිබෙනවා.
එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් මහතා පෙන්වා දී තිබේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ.

